උතුරේ පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් රැසක දායකත්වය

පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වයෙන් උතුරු ජනතාවගේ ජන ජිවිතය අඩාල වි තිබු අතර, එම ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මේවන විට කටයුතු කරමින් සිටී. ඒ අනුව, ගංවතුර පැවැති තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශයන්හී අපිරිසිදුවි තිබෙන පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික සහන කණ්ඩායම් 15 ක් අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, මේවන විට ජල ළිං 10 ක් පිරිසිදු කර ජනතාව‍ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මඟින් පිරිසිදු ජලය ලිටර් 1000 ක් ජනතාවට බෙදාදිමට කටයුතු කර ඇත. මීට අමතරව නාවික හමුදාව සතු ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ මෙන්ම ආහාර උණුසුම් කිරීමේ උපකරණ ආදි උතුරු පලාත ආවරණය වන පරිදි මේවන විට ස්ථාපිත කර ඇති අතර, එමඟින් නාවික හමුදාව ප්‍රදේශයේ දමිල ජනතාවගේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමේ කාර්යයට උරදෙමින් සිටී.