ජලයෙන් යට වූ කන්දවලෛ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නාවික හමුදා සහාය
 

මෙම දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් සහන මෙහෙයුම් වල නිරත වන අතර, මේවන විට ඒ සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 06 ක් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, ගංවතුර හේතුවෙන් ජලයෙන් යටවි තිබු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කන්දවලෛ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අත්‍යවශ්‍ය ලිපි‍ ලේඛන සහ උපකරණ ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් අද (දෙසැම්බර් 23) කටයුතු කරන ලදී. ඒ සඳහා ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේද සහාය හිමිවිය. එමෙන්ම මෙවැනි ව්‍යයසනකාරී අවස්ථාවක පොදු ජන සේවයට කැපවීම පිළිබඳව ප්‍රදේශිය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සිය කෘතඥතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට පළකර කරන ලදී.