ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාවික හමුදාවෙන් උපහාර
 

2018 වසරේ 05 වන ලෝක කැරම් ශූරතා තරඟාවලිය සහ ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලිය මෙන්ම 01 වන ආසියානු වුෂු තරඟාවළියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන් නාවික හමුදාවට අභිමානයක් අත්කරදීම වෙනුවෙන් සහ ඔවුන්ගේ දක්‍ෂතා අගයමින් උපහාර පිදීමක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපතිතුමාගේ ඇගයිමට ලක් වූයේ පහත සදහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර, එහිදි එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්විමේ අරමුණින් නාවික හමුදාපතිතුමා විසින් මුදල් ත්‍යාග ප්‍රදානයක් ද සිදු කෙරුණි.

 
බල නැවි පැතුම් බලවර්ධන (01 වන ආසියානු වුෂු තරඟාවලිය)
සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා (05 වන ලෝක කැරම් තරඟාවලිය)
සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු (05 වන ලෝක කැරම් තරඟාවලිය)
සාමාන්‍ය කාන්තා නැවි ලක්මාලි මෙන්ඩිස් (ආසියානු දැල්පන්දු තරඟාවලිය)
සාමාන්‍ය කාන්තා නැවි දුලාංගි වන්නිතිලක (ආසියානු දැල්පන්දු තරඟාවලිය)

 

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ මහතා, නාවික හමුදා වුෂු සංචිතයේ සභාපති, කොමදෝරු ෆ්රෙඩ් සෙනෙවිරත්න මහතා, නාවික හමුදා කැරම් සංචිතයේ සභාපති, කොමාණ්ඩර් ගාමිණි රත්නායක මහතා සහ නාවික හමුදා දැල්පන්දු සංචිතයේ සභාපතිනි, කොමාණ්ඩර් නදීකා විජේකෝන් මහත්මිය සහභාගී විය.