ජාතික ආහාර සැණකෙළියේදී හොඳම අවන්හල ලෙස රන් සම්මානයෙන් නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල පිදුම් ලබයි
 

ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “ජාතික ආහාර සැණකෙළිය - 2018” පසුගිය දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්ත්හි දී පවත්වන ලදී.

ආහාර සුරක්‍ෂිතතා ක්‍රියාවට නැංවිම මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම මුලික අරමුණු කොටගෙන පැවැති මෙම සැණකෙළිය සඳහා නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල (Light House Galley) ඇතුළුව දිව‍යින පුරා පිහිටි  අවන්හල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවී සිටි අතර, එහිදි නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල එම අංශයේ සියළුම අවන්හල් අභිබවමින් රන් සම්මානය හිමිකර ගැනීමට සමත්වන ලදී.

නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් ආහාර කුටිය සැණකෙළිය සඳහා ඉදිරිපත් කරන ලද්දේ ප්‍රදීපාගාර අවන්හලේ කළමණාකරු, කොමාණ්ඩර් (සැපයුම්) නුවන් අරන්දර මහතාගේ අධික්‍ෂණය යටතේ වන අතර, එයට අදාල රන් සම්මානය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සුරතින් ප්‍රදිපාගාර අවන්හලේ සහකාර කළමණාකරු, ලුතිනන් (සැපයුම්) හර්ෂ රණවිර මහතා විසින් හිමිකර ගන්නා ලදී.