හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිත ප්‍රධානී, මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් නිකොලොවිච් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි. තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික පුහුණු කොමදෝරු නන්දන ජයරත්න මහතා ද සහභාගී විය.