නාවික හමුදා 68 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
 

2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමඟාමිව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය ‍දෙසැම්බර් 05 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.

මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින් හටත් ආශිර්වාද කරමින් යාඥාවක් පවත්වන ලදී. එම ආගමික වතාවත් සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් සුසිල් සෙනාධිර මහතා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවින්ද්‍ර රණසිංහ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.