අඛණ්ඩව 18 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
 

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2018 වර්ෂයේ ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ඒ අනුව අඛණ්ඩව 18 වන වරටත් එම ශූරතාවය දිනාගත් කණ්ඩායම ලෙස නාවික හමුදා මල්ලවපොර කණ්ඩායම ඉතිහාසයට එක්විය.

යුද හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ඇතුළුව දිවයිනේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් මල්ලවපොර කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර, එම කණ්ඩායම් සියල්ල අභිබවමින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමඟින් තරඟාවලියේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ මහතා, ජාතික මල්ලවපොර සංගමයේ සාමාජිකයින් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවි සිටියහ.