ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 01 වන දින, මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (ප්‍රතිපත්ති සහ සැලසුම්), ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වීඑස් පතානියා මහතා සහ ‘සමර්’ සහ ‘අර්යමන්’ නෞකාවන්හි අණදෙන නිලධාරින් වන ඩිපියුරිටි ඉන්ස්පෙක්ටර් ජෙනරාල් අරුනාබ් බෝස් මහතා සහ ඩිපියුරිටි කමන්ඩාන්ට් කරන් කිෂෝර් මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පසුගිය දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කොමදෝරු වයිඑම්ජිබී ජයතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා සහභාගිවී සිටියහ.