උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

68 වන නාවික දිනයට සමඟාමීව නාවික හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 29 වන දින නාවික රෝහල උතුරු විධානයේදී පවත් වන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ පුර්ණ මඟපෙන්වීම යටතේ යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය වී මෙම උතුම් කාර්යය සිදු කරන ලද අතර, උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවල නාවික පුද්ගලයන් 141 දෙනෙකු මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.

උතුරු ප්‍රදේශයේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම අරමුණුකර ගනිමින් මෙම වර්ෂයේදී තෙවන වරටත් සංවිධානය කරන ලද මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ, වෛද්‍ය එම් ප්‍රතීපන් මහතා ඇතුළු කාර්යය මණ්ඩලය නොමද සහාය ලබා දෙන ලදී.