බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත කපිතාන් අබ්දුල්ලාඅයි මාකසස් මහතා ඇතුළු දුත පිරිසක් අද (නොවැම්බර් 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඇතුළුව බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලවන් හදාරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගිවන ලදී. එහිදි අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.

තවද, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා, නාවික හමුදාධිපතිගේ නාවික සහායක කොමදෝරු සූජිව සෙනෙවිරත්න මහතා සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.