ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරගාවලිය - 2018
 

2018 වර්ෂය සඳහා වු ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් 40 දෙනෙකු හා කාන්තා නාවිකයින් 13 දෙනෙකු ඇතුළුව නාවිකයින් 22 දෙනෙකු සහභාගී වූහ. සමස්ථ තරඟාවලියේ ශූරතාවය නාවික දියත් විධානය හිමි කර ගත් අතර, අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක්  සහභාගිවි සිටියහ.