ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයෙහි 13 වන සංවත්සරය පසුගිය නොවැම්බර් 18 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් (ජලමාන) අ‍ශෝක විජේසිරිවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 18 වන දින නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරිතුමා‍ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් පසු ආයතනයේ සියළුම නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්විමට කටයුතු යොදා තිබූ අතර, අනතුරුව සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත්වන ලදී.