නාවික හමුදා කථික තරඟාවලිය ‍නොවැම්බර් 30 දා කොළඹදී
 

නාවික හමුදා කථික තරඟාවලිය 2018 එළඹෙන නොවැම්බර් 30 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතන‍යේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විමට මේවන විට සියළු කටයුතු සුදානම් කර ඇති අතර, තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව තරඟය පසුගිය නොවැම්බර් 16 වන දින අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. එහිදි කථිකයින් 10 දෙනෙකු අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

නාවික හමුදා නිලධාරින්ගේ කථන හැකියාව වැඩි දියුණු කිරීම මුලික කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදා නාවික හා පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන මෙම කථික තරඟාවලිය 2016 අරම්භ කරන ලද අතර, මෙවර පවත්වනු ලබන්නේ තෙවන වරටයි. මෙම තරඟාවලිය ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් වශයෙන් කණ්ඩ දෙකක් (02) යටතේ පැවැත්වෙන අතර, එම කාණ්ඩ වලින් ජයග්‍රහණය කරනු ලබන නිලධාරින් සඳහා දිරිගැන්විමේ මුදල් ත්‍යාග හා තිළිණ පිරිනැමීමට ද කටයුතු සුදානම් කර ඇත.

මෙම තරඟාවලියේ ප්‍රධාන විනිසුරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ කොමදෝරු අනුර ධනපාල මහතා වන අතර, කපිතාන් ප්‍රසාද් කරියප්පේරුම මහතා, කපිතාන් චමින්ද රණවිර මහතා සහ ලුතිනන් මහින්ද පියරත්න මහතා මෙම තරඟාවලියේ අනෙකුත් විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලබයි.

තවද, අවසන් තරඟය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට බලා‍පොරෝත්තු වන අතර, මෙම තරඟාවලිය නැරඹිම සඳහා සියළු නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් සහභාගිවිමට නියමිතව ඇත.