යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපතිතුමන් නැගෙනහිර නාවික විධාන ආඥාපතිතුමන් හමුවෙයි
 

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපති, මේජර් ජෙනරාල් කේපීඒ ජයසේකර මහතා පසුගිය නොවැම්බර් 17 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා හමු විය.

එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.