නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී
 

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු අභ්‍යාසයක් පසුගිය නොවැම්බර් මස 14 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී ජලයේ ගිලෙමින් සිටින, ජලයේ ගසාගෙන යන පුද්ගලයන් වේගවත්ව, ආරක්‍ෂාකාරීව හා ජිවිතාරක්‍ෂක උපකරණ නිවැරදිව භාවිතා කරමින් මුදවා ගන්නා ආකාරය සහ පිහිනීමේ තාක්‍ෂණික ක්‍රමවේදයන් පිළිබඳව සහභාගිවු කණ්ඩායම් සඳහා පුළුල් දැනුමක් ලබා දිමට කටයුතු කෙරුණි.

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් මෙම පුහුණු අභ්‍යාසය ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘වේළුසුමන’ ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින් රැසක් සහභාගිවි සිටියහ.