‘කළු ග‍ඟ’ ජලාශයෙහි සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
 

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් විසින් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පිහිටි ‘කළු ගඟ’ ජලාශයේ ගිලි තිබූ බුල්ඩෝසරයක් ගොඩගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් පසුගිය නොවැම්බර් 09 වන දින ආරම්භ කළ අතර, එම බුල්ඩෝසරය සාර්ථකව ගොඩගැනිමට එම නාවිකයින් කටයුතු කරන ලදී.

‘කළු ගඟ’ ජලාශය තුළ ඉදිකිරීම් කටයුත්තක යෙදී තිබු ආර්එම්ටී ඉදිකිරිම් සමාගමට අයත් මෙම බුල්ඩෝසරය ක්‍රියාවිරහිතවිම හේතුවෙන් ඉවත්කර කර ගැනිමට නෙහැකිවි ඇත. ඒ අනුව, ඔක්තෝබර් 23 වන දින වනවිට මෙම යන්ත්‍රය ක්‍රමයෙන් ජලයෙන් යටවි අඩි 70 ක් පමණ ජලයෙන් වැසි ගොස් ඇති අතර, මෙම යන්ත්‍රය ටොන් 28 ක් පමණ බරකින් යුක්තය.

ඒ අනුව, ආර්එම්ටී ඉදිකිරිම් සමාගම මඟින් නාවික හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අයත් විධාන කිමිදුම් අංශයට අනුයුක්ත නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදිමෙන් අනතුරුව මෙම බුල්ඩෝසර්ය ගොඩගැනිමට කටයුතු කරන ලදී.