නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 13) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය.

එහිදී, නව ආරක්‍ෂක ලේකම්තුමා හට නාවික හමුදාධිපතිතුමා සිය සුභාසිංශන එක්කළ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හමුදා කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී. ආරක්ෂක ලේකම්තුමන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.