ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව ඊයේ (ඔක්තෝබර් 20) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

දිගින් මීටර් 95 ක් සහ පළලින් මීටර් 12.7 කින් යුත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව ටොන් 2300 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි 100 දෙනෙකුගෙන් යුත්  නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 22 වන දින මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.