ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් බටහිර විධාන භාර ආඥාපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.