ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට නාවික හමුදා දායකත්වය
 

අන්තර්ජාතික වෙරළ  පවිත්‍රතා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් 15 වන දින සිට 21 වන දින දක්වා ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් තිබු අතර, ඒ අනුව ඊට සමගාමිව වෙරළ තීරයන් ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ උතුරු, දකුණු,  වයඹ සහ උතුරු මැද  නාවික විධාන කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මහජනතාව ද සිය දායකත්වය ලබා දිමට කටයුතු කළ අතර, පිවිතුරු වෙරළක් සහ සමුද්‍ර සම්පත් සුරැකීම උදෙසා  නාවික හමුදාව වෙරළ තීරයන් ආශ්‍රීත පරිසර පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

 

දකුණු නාවික විධානය ක්‍රියාත්මක කළ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

උතුරු මැද නාවික විධානය ක්‍රියාත්මක කළ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

උතුරු නාවික විධානය ක්‍රියාත්මක කළ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

වයඹ නාවික විධානය ක්‍රියාත්මක කළ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන