‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික සහ ශූරතා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩ තරඟ සඳහා ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා ක්‍රීඩකයින් සහභාගීවි සිටියහ. තවද, ශූරතා කාණ්ඩය සඳහා ගොල්ෆ් ක්‍රීඩාවට දක්‍ෂ නාවික හමුදා ක්‍රීඩකයින් සහභාගී වූ අතර, තරඟාවලිය සඳහා නිලධාරීන් 19 දෙනෙක් සහ නාවිකයින් 09 දෙනෙක් සහභාගි වූහ.

නැගෙනහිර ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා සහභාගී විය. තවද, වසරේ දක්‍ෂතම ගොල්ෆ් ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය නැවි ජිඅයි දිල්රංග කුසලානය හිමිකර ගත් අතර, තරඟාවලියේදී ක්‍රීඩකයින් මතු සඳහන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වන ලදී.

ආධුනික කාණ්ඩය

     
ශූරතාවය : කොමාණ්ඩර් (අවි) තුෂාර මහේෂ්
පළමු අනුශූරතාවය : කොමදෝරු කළණ ජිනදාස
දෙවන අනුශූරතාවය : ලුතිනන් චලන මදුෂාන්
ගොල්ෆ් සිදුරට ආසන්නයට ‍ ගොල්ෆ් පන්දුව යොමු කිරීම : කොමාණ්ඩර් (අවි) තුෂාර මහේෂ්
       

ශූරතා කාණ්ඩය

     
ශූරතාවය    : සාමාන්‍ය නැවි ජිඅයි දිල්රංග
පළමු අනුශූරතාවය : සාමාන්‍ය නැවි පීජීඩීඩී පෙරේරා
දෙවන අනුශූරතාවය : සාමාන්‍ය නැවි ඩබ්එන් වෛද්‍යරත්න
ගොල්ෆ් සිදුරට ආසන්නයට ‍ ගොල්ෆ් පන්දුව යොමු කිරීම : සාමාන්‍ය නැවි ඩීඑම්පීපී බණ්ඩාර