67 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ශ්‍රී  ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 30 ට වැඩි, 67 වන ජාතික ජීවිතාරක්‍ෂක තරඟාවලයේ, සමස්ථ ශූරතාවය නාවික හමුදාව අත් කර ගනී.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 16 සහ 17 යන දෙදින පුරා Otters Aquatic Club හී පිහිණුම් තඨාකයේ සහ ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රීතව පැවත්වු මෙම තරඟාවලියට සහභාගී වූ සියළු ජීවිතාරක්‍ෂක කණඩායම් අභිබවා ලකුණු ලබමින් තෙවන වරටත් මෙවර ශූරතාවය ලබා ගැනීමට නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සමත්වු අතර, නාවික හමුදා ‘බී’ කණ්ඩායම දෙවන වරටත් දක්‍ෂතම පරාජිත කණ්ඩායම ලෙස කුසලාන හිමිකරගැනීමට සමත්විය.

ජලයේදී සහ ගොඩබිම ආශ්‍රිතව සිදුකරන ජිවිතාරක‍ෂක ක්‍රියාකාරකම් වශයෙන් තරඟ ඉසව් සංවිධානය කර තිබු අතර, මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් 35 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා වේරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්‍ෂක බළකාය සහ දිවයිනේ නන් දෙසින් පැමිණි ජිවිතාරක්‍ෂක කණ්ඩායම් රැසක් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා ජාතික ජීවාතාරක්‍ෂක සංගමයේ සභාපති, අසංග නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරඟාවලිය සංවිධානය කර තිබිණි.