නාවික කෘෂි හා සත්ව ගොවිපල පිහිටි අභයභූමි‍යේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

උප්පුවේලි, පාලම්පටාරු  ප්‍රදේශයේ නාවික කෘෂි හා සත්ව ගොවිපල පිහිටි අභයභූමි‍යේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 15) සමත් විය. එම ප්‍රදේශයේ නාවික අභයභූමිය ආශ්‍රිතව විශාල ගින්නක් හට ගෙන ඇති බවට උපුපුවේලි පොලීසිය මඟින් නැගෙනහිර නාවික විධාන මුලස්ථානය වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත එම ගිණි නිවීමේ කණ්ඩායම සඳහා ගිණි නිවිමේ රථයක්, වතුර බවුසර් කිහිපයක් සහ නිලධාරීයෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 11 දෙනෙකු ඇතුළත් විය. එහිදී, ඔවුන් විසින් මහත් පරිශ්‍රමයක් දරමින් එම ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සමත් විය.