ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

 කොළඹ, ටොරින්ටන් හොකී ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 14) පැවති 2018 ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී. යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම සමඟ පැවති එම තරඟයෙන් ලකුණු 2 ට 0 ක් වශයෙන් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා හොකී ක්‍රීඩිකාවන් හට හැකියාව ලැබිණි. ‍
 
තවද, අවසන් තරඟායේ දක්‍ෂතම ක්‍රිඩිකාවට හිම් සම්මානය ශ්‍රි ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි ඩබ්එම්සීඩී විජේසූරිය ක්‍රිඩිකාව හිමි කර ගත් අතර, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස බල කාන්තා නැවි ජීජීජී දමයන්ති ක්‍රීඩිකාව විසින් හිමි කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලි ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික හමුදා හොකී සංචිතයේ සභාපති, කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් පිරිසක් ද සහභාගිවි සිටියහ.