ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ආරක්‍ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම ජර්මනිය බලා පිටත් වේ
 

12 වන ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කපිතාන් ජගත් කුමාර මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම පසුගිය අගෝස්තු 24 වන දින ජර්මනිය බලා පිටත්ව යන ලදී.  

ඒ අනුව, ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායාමේ ප්‍රධානීයා වශයෙන් බ්‍රිගේඩියර් එන් හතුරුසිංහ මහතා කටයුතු කරන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩර් මංගල මුම්මුල්ලගේ, බල ශාරිරික අභ්‍යාසයක, ඩබ්එන් වෛද්‍යරත්න, බල නැවි අර්එම්එස් රූපසිංහ යන ක්‍රීඩකයින් ඇතුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අනුයුක්ත කොප්‍රල් පීඩබ්ඒඩි පුෂ්පකුමාර, ලාන්ස් කොප්‍රල් එච්ජි ඉසුරු සහ ලාන්ස් කොප්‍රල් එම්ඩබ්එම්එස් මීගස්තැන්න යන ක්‍රීඩකයින් ඒ සඳහා ඇතුලත් විය.