නාවික හමුදා ඉව අල්ලන සුනඛයින් මෙහෙයුමක් සිදුකරයි
 

නැගෙනහිර නාවික විධානයේ එරක්කන්ඩි ප්‍රදේශයදී නාවික හමුදා සුනඛ සංචිතයට අනුයුක්ත සුනඛයින් දෙදෙනෙකු (02) යොදවා පසුගිය අගෝස්තු 26 වන දින සිදු කළ සොදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

නාවික හමුදාවට ලද තොරතුරක් අනුව ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණය මඟින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර, මේ සඳහා නාවික හමුදාව විසින්ම පුහුණු කරන ලද ‘ඩොබර්මන් පින්චර්’ වර්ගයේ ‘බස්ටර්’ සහ ‘රවුඩ්’ යන සුනඛයින් දෙදෙනා යොදවා ඇත. මොවුන් ඉව ඇල්ලීමෙන් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය අතර, ජෙලට්නයිට් කූරු 13 ක්, චාර්ජස් 06 ක් සේෆ්ටි ෆියුස් 05 ක් සහ විදුලි නොවන ඩේටනේටර්ස් 05 ක් විය.

නාවික හමුදාව විසින් පුහුණුකරන ලද ඉව අල්ලන සුනඛයින් යොදා සිදු කළ ප්‍රථම මෙහෙයුම මෙය වන අතර, මෙවැනි මෙහෙයුම් සඳහා, සුනඛයින් ඉදිරියේදී ද සාර්ථකව යොදවා ගැනීමට කටයුතු කරනු ලැබේ.