උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වන දින එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් තලෛයිමන්නාරම් වෙරළ තීරය, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම් දුපත ආශ්‍රීත වෙරළ තීරය, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් වංකාලේ වෙරළ තීරය සහ ශ්‍රී ලංකා නාවික‍ නෞකා බුවනෙක ආයතනය මඟින් නච්චිකුඩා වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

තවද, මෙම වැඩසටහන උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ මඟපෙන්වීම යටතේ සියළුම අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත ආයතනයන්ට අනුයුක්ත නිලධාරින්ගේ සහ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැති අතර, මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් 319 දෙනෙකු සහභාගීවී සිටියහ. එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

තලෛයිමන්නාරම, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

නච්චිකුඩා, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

මන්නාරම දුපත ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

වංකාලේ, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන