ඉන්දියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි, නාවික සම්ප්‍රදායනුකූලව සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් විධාන මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි. තවද, එතුමන් නාවික තඨාකාංගණයේ පිහිටි කෞතුකාගාරය නැරඹිමටද එක් වූ අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.