විපතට පත්ව තිබූ විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට අයත් ගැඹුරු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ඊයේ (අප්‍රේල් 14) ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විපතට පත්ව තිබූ සැන්ඩ්ටී (SANDETIE) නැමති විදේශිය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

රුවල් යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ විපතට පත්ව ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදාව තොරතුරු ලද විගස ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව විපතට පත් නාවිකයින් සහ රුවල් යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඉන් අනතුරුව සයුරළ නෞකාව මඟින් එම නාවිකයින් සහ රුවල් යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමට කටයුතු කරන ලද අතර, නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ නාවිකයින් සහ රුවල් යාත්‍රාව ගාල්ල වරාය ආසන්නයේදී පෞද්ගලික නාවික ආයතනයක් වෙත භාර දීමට කටයුතු කරන ලදී.