ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
 

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය - 2018, නිල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, අධ්‍යක්‍ෂක ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අඛණ්ඩව 9 වන වරටත් පැවැත්වීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතී. එහි මූලික පියවර වශයෙන් මෙම නිල වෙබ් අඩවිය එළිදැක්වීම සඳහන් කළ හැක. “සාමූහික සාගරික කළමණාකාරීත්වයක් උදෙසා ඒකරාශී වීම” (Synergizing for Collaborative Maritime Management) යන තේමාව යටතේ මෙවර එම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත අතර, www.galledialogue.lk යන වෙබ් අඩවිය මඟින් ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ සියළු තොරතුරු සවිස්තරාත්මකව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාව සළසා දී ඇත.