“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහකයා නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි. එහිදී සුවිශේෂි දක්ෂතාවයන් දැක්වු නායක ශාරීරික අභ්‍යාසක සුරංග කුමාර අද (පෙබරවාරි 28) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු වූ අතර, එතුමන් විසින් ඔහු ලැබූ ජයග්‍රහණය හා දක්ෂතා ඇගයිමට ලක් කරමින් සුභ පැතුම් පිරිනමන ලදී.


මෙම අවස්ථාව සඳහා නාවික හමුදා තුන්ප්‍රයාම සංගමයේ සභාපති, කපිතාන් රවින්ද්‍ර තිසේරා මහතා සහ පුහුණකරු බල නැවි ඩිලාන් සිල්වා ද සහභාගීවි සිටියහ.