කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ මීගමුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 25) පිටිපන ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 22 ක් සහ කැස්බෑ බිත්තර කිලෝග්‍රෑම් 5.4 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එම කැස්බෑ මස් සහ බිත්තර තොගය නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සඳහා සූදානම් කර තිබී ඇති අතර, ඒ සඳහා යොදා ගත් යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා, කැස්බෑ මස් හා බිත්තර සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.