සුනාමි ව්‍යයසනයෙන් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණවීම ගාල්ලේ දී
 

සුනාමි ව්‍යයසනය සිදුවී ඊයේ (දෙසැම්බර් 26) දිනට වසර 13 ක් ගතවී ඇති අතර, එයින් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණ වීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 25 සහ 26 යන දෙදින, ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ නාවික කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රීලංනානෞ දක්ෂිණ ආයතනයේ රාජකාරී කරන ලද නාවිකයන් 7 දෙනෙකු හට සුනාමි ඛේදවාචකය හේතුවෙන් සිය දිවි අහිමි විය. දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත, දක්ෂිණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් (මාලිමා) ජගත් ප්‍රේමරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම පුණ්‍ය කටයුතු ඉතා සාර්ථක අයුරින් පැවැත්වීමට හැකියාව ලැබිණි.

ඒ අනුව, දෙසැම්බර් 25 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශණයක් පවත්වන ලදී. පසුදින මිය ගිය නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්විණි. මෙම අවස්ථාවන් සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු හසිත ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.