කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී මලිගාවත්ත, ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (දෙසැම්බර් 24) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරිම සදහා සුදානම් කර තිබියදි අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා දෙමටගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.