සූඩාන් සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සූඩාන සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරර් මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

එහිදී ඔවුන් නාවික පුහුණු ක්‍රියාකාරකම් සහ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් අතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.