නාවික හමුදාධිපතිතුමන් ඉන්දියානු නාවික යුද පාසලේ විශේෂ දේශණයක් පවත්වයි
 

සිය ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය සැප්තැම්බර් 14 ඉන්දියාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේ ප්‍රමුඛ කාර්ය වුයේ ඉන්දියාවේ ගෝවා හි පිහිටි නාවික යුද පාසලේ (Naval war college) දේශණයක් පැවැත්විමට එතුමන් ඇරයුම් ලැබිමයි. මෙම දේශණය පවත්වන ලද්දේ ඉන්දියාවේ ගෝවා හි පිහිටි නාවික යුද පාසලේ ශ්‍රවණගාරයේදිය. ඊට අමතරව ගෝවා නැව් තඨාකාංගණයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන නවීණතම තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික නෞකාව නිරික්ෂණය කිරීමද එතුමන් කටයුතු කළේය.

එහිදි නාවික හමුදාපතිතුමන් එම නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතා විසින් උණුසුම් අයුරුන් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් නැව් තඨාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂතුමන් සමග සුහද පිළිසදරක නිරත විය. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂතුමා වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී. මෙහිදි නාවික හමුදාධිපතිතුමන් හට නැව් තඨාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් නෞකාවන්හි ඉදිකිරිම් සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනයක් සිදු කෙරැණි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජි‍නේරු කොමදෝරු රවින්ද්‍ර රණසිංහ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක, කොමදෝරු ප්‍රසන්න හේවගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

සිව් දින නිළ සංචාරය අවසන් කරමින් නාවික හමුදාධිපතිතුමන් ඊයේ (සැප්තැම්බර් 17) දින ශ්‍රී ලංකාව බලා නැවත පැමිණෙන ලදි.