නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව නිමා වේ
 

නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 30 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 15) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යපිඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගී විය.

මෙහිදි පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් 30 දෙනෙකු වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කරන ලදී . ඒ අනුව උප ලුතිනන් ඩීආර් තාරක පාඨමාලාවේ දක්ෂතම නිලධාරී (Most Inspiring Officer) වශයෙන්ද වැඩ බලන ලුතිනන් එච්පීඩීඒස්එච් පතිරණ සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු (සාමාන්‍ය 73.25) ලබා ගත් නිලධාරී වශයෙන්ද ඇගයීමට ලක් විය.

උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව යනු ඕනෑම තරුණ නිලධාරීයෙකු හදාරනු ලබන පළමු වෘත්තීය පාඨමාලාවකි.සති 57 පුරා පැවති මෙම වෘත්තිය පාඨමාලව තුලින් නිලධාරින් හට ජලතරණය,දියයට සංග්‍රාමික කටයුතු, සන්නිවේදනය, සැපයුම් සහ ලේඛන කටයුතු පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමට කටයුතු කරන ලදී. ඒ මගින් මුහුදේ සහ ගොඩබිමේ රාජකාරි නිසි පරිදි ඉටු කිරීම සඳහා හැකියාව ලබා ගැනිමට අවස්ථාව උදා වේ.මෙම පාඨමාලාව තුලදි පුහුණුව ලබන නිලධාරීන් බාහිර ආයතන වලට අනුයුක්ත කර කිමිදුම්, පුපුරණ ද්‍රව්‍ය හා ඒවා නිෂ්ක්‍රිය කිරීම පිළිබඳව පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇත. තවද, පාඨමාලාවේ බොහෝ විෂය කරුණු විද්‍යපිඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවු අතර, ඇතැම් විෂය කරුණු සඳහා බාහිර කථිකාචාර්යවරුන්ගේ සහයෝගයද ලබා ගැනිමට කටයුතු කරන ලදී.

එම උත්සව අවස්ථාව ඇමතූ කොමදෝරු කස්සප පෝල් මහතා පාඨමාලාව හැදැරු සියළුම නිලධාරින් හට සුබපැතුම් පිරිනැමු අතර, පුහුණුව තුලින් ලබා ගන්නා පන්නරය සහ අනාගත නාවික හමුදාවේ නායකයන් ලෙස වගකීම් දැරීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද, පාඨමාලාවෙන් ලබා ගත් දැනුම තුලින් ඉදිරි රාජකාරි කටයුතු වලට ඇති විය හැකි ඕනෑම තත්වයකට මුහුණ දිමේ හැකියාවද ඇති බව වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපිඨයේ නියෝජ්‍ය පුහුණු කපිතාන්,කපිතාන් චන්දිම සිල්වා මහතා, නිලධාරින් පුහුණු කිරීමේ නිලධාරි කොමාණ්ඩර් (අවි) දිනේෂ් බණ්ඩාර මහතා මෙන්ම විද්‍යාපිඨයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.