නව නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 23) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය. මෙම හමුව නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සින්නයියා මහතා, ගරු අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.

පළමුව ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.