ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 06), කෝකිලායි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් 2 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 50 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.