‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සමඟ නාවික හමුදාව අත්වැල් බැඳ ගනී
 

රජයේ මඟපෙන්විම මත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙංගු මර්ධන වසංගතයට එරෙහිව සටන් ඇරඹීය. ඒ අනුව ‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සියළුම විධානයන් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්විමට කටයුතු කර ඇත.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමිව දිවයින පුරා පාසල් පරිශ්‍රයන් තුල තෙදින (03) ඩෙංගු මර්ධන වැඩසටහන් පසුගිය ජුලි 27 වන දින අරම්භ කරන ලදි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් පාසල් 17, උතුරු නාවික විධානයට අයත් පාසල් 08, දකුණු නාවික විධානයට අයත් පාසල් 06, උතුරු මැද නාවික විධානයට අයත් පාසල් 05, බටහිර නාවික විධානයට අයත් පාසල් 04, ගිණිකොණ නාවික විධානයට අයත් පාසල් 02 සහ වයඹ නාවික විධානයට අයත් පාසල් 02 ක ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

තවද, මිට අමතරව නාවික හමුදා කදවුරු පරිශ්‍රයන් තුල නිරන්තරයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්විමට කටයුතු කරන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඩෙංගු රෝගය තුරන් වනතුරු නිරන්තරයෙන් නාවික හමුදාව ඩෙංගු මර්ධන වැඩසටහන සදහා සක්‍රීය දායකත්වය ලබා දිමට කටයුතු කරනු ලබයි.