නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට; විදේශිකයන් දෙදෙනෙකුත් ඒ අතර
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ තිස්සමහාරාම පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජූලි 23) කිරින්ද, යාල ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස තුවක්තු (Spear gun) භාවිතා කරමින් විනෝදාස්වාදය සඳහා මසුන් දඩයම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදේශිකයන් දෙදෙනෙකු ද වේ. එම පුද්ගලයින්, මසුන් මැරීම සඳහා යොදා ගත් තුවක්කු 3 ක් සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තිස්සමහාරාම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.