සයුරුසර 33 වන කළාපය එළිදකී; සයුරුසර වසර 10 සපුරයි
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ හා විශේෂ නාවික පුවත් වලින් සමන්විත සයුරුසර සඟරාවේ 33 වන කළාපයේ පළමු පිටපත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම අද (24) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. එම සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් එය නාවික හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී. මෙවර පල කරන ලද්දේ එහි දස වන සංවත්සර කළාපය වීම විශේෂත්වයකි.   

එම අවස්ථාව සඳහා නාවික සහායක, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කපිතාන් රොහාන් ජෝශප් මහතා සහ නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් චමින්ද වළාකුළුගේ මහතා‍ ද එක් වී සිටියහ. නාවික පුද්ගලයින්ගේ දැනුම,කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම මෙන්ම නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් යුතුව වත්මන් නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත එම සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.