වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මීගමුව, බටුවත්ත ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඖෂධ පෙති මත්විම සඳහා භාවිතා කරන අතර, එම මත් පෙති තොගය නීති විරෝධී ලෙස එම ප්‍රදේශයේ බෙදාහැරිම සඳහා ත්‍රීරෝද රථයක් මගින් රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇත. එම පුද්ගලයන්, ත්‍රීරෝද රථය සහ නීති විරෝධී ඖෂධ තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා රාගම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.