අන්තර් විධාන පිරිමි සහ කාන්තා පැසිපන්දු තරඟාවලියේ ජයග්‍රහණය බටහිර නාවික විධානයට
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2017, පසුගිය ජුනි මස 18 දින සිට 22 දින දක්වා ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පවත්වන ලදී. නැගෙනහිර නාවික විධානය සහ බටහිර නාවික විධානය අතර ජුනි 22 දින පැවති (පිරිමි) අවසන් මහා තරඟ‍යෙන් ලකුණු 45 – 69 ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර නාවික විධාන පැසිපන්දු කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය අධ්‍යක්ෂ ජෙනරාල් ‍මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හිමි කර ගන්නා ලදී.

එදිනම වයඹ නාවික විධානය සහ බටහිර නාවික විධානය අතර පැවති (කාන්තා) අවසන් මහා තරඟ‍යෙන් ලකුණු 39 – 44 ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර නාවික විධාන පැසිපන්දු කණ්ඩායම සමත් විය.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සහාගිවූ අතර සියළුම විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද එම තරඟාවලිය නැරඹීම සඳහා සහභාගී වී සිටියහ.