ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 ක් මගින් ඊයේ (24) රාත්‍රී, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ්ට් දූපතට නාවික සැතපුම් 12.2 ක් සහ කෝවිලන් තුඩුවට නාවික සැතපුම් 15.8 ක් පමණ දුරකදී එම තහනම් පන්න ක්‍රමය උපයෝගී කර ගනිමින් ධීවර කටයුතු වල නිරත වී සිටියදී, දෛනික මුර සංචාරයෙහි නියුතු, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්, යාත්‍රාවන් සහ අනෙකුත් භාණ්ඩ කන්නසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.