කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (ජූනි 24) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී තලෙයිමන්නාරම ස්වාමිතෝට්ටම් පල්ලිය අසළ දී මෙම කේරළ ගංජා තොගය සහ පුද්ගලයන් අත්අංගුවට ගෙන ඇති අතර, ඒවා ඇසුරුම් 59 ක බහා තිබිණි. අත්අඩංගුවට ගත් පුද්ගලයන්, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.