රුසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය ජූනි 14 දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘නඩේස්ඩා’ යන නෞකාව අද (ජුනි 17) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලදි. මෙම නෞකාව දිගින් මීටර් 108. 6ක් සහ පළලින් මීටර් 14 කින් යුත්ත වන අතර එහි පුහුණුවන නාවිකයන් 120 දෙනෙකුගෙන් ද සමන්විතය.

මෙම නෞකාව මෙරට රැඳී සිටි අතරතුර මෙම මස 15,16 හා 17 වන තෙදින පුරා පාසැල් ළමුන් සඳහා නැරඹීමට විවෘත කර තිබුණි. එමෙන්ම නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ශිල්පය පිළිබඳ ප්‍රදර්ශණයක් ද පැවැත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ විවිධ වැඩසටහන් සහ ක්‍රීඩා ඉසව් සඳහා ද නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී විය.