නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) මුන්දම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.