නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී, ධීවර බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක් , කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 4 ක්, පා වරල් යුගල් 3 ක් සහ GPS යන්ත්‍රයක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.