නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයා සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.